Wednesday, August 30, 2017

ටොරන්ට්??????


                                    ටොරන්ට්... ටොරන්ට්... ටොරන්ට්...
හැමතැනම හැමවෙලේම ඇහෙන වචනයක් තමයි දැන් ඒක.. සමහර අයට මේක නුහුරු වචනයක්.. ඒත් ගොඩක් අය දන්නවා... හැබැයි මේ පෝස්ට් එක දාන්නේ නොදන්නා අයට මුලික දැනුමක් ගන්න විතරයි..


ටොරන්ට් එකක් කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි ගොනුවක අන්තර්ගතය හා එහි භාගත කිරීමේ තොරතුරු අඩංගු (.torrent) ආකාරයේ ගොනුවකි..
උදාහරණයක් දෙන්නම් මෙන්න මෙහෙම...
ටොරන්ට් එකක් කියන්නේ හරියට Zip ෆයිල් එකක් වගේ දෙයක්.. හැබැයි Zip ෆයිල් වගේ බරක්නම් නැහැ.. පොඩි Kilobytes ප්‍රමාණයක් තමයි තියෙන්නේ... අන්න ඒ වගේ පොඩි ගොනුවක් තමයි ටොරන්ට් එකක් කියන්නේ..


Zip ෆයිල් එකක් Extract කරගන්න අපි Winrar පාවිච්චි කරනවනේ.. අන්න ඒ වගේම මේ ටොරන්ට් ගොනුවේ තියන ටික Extract කරගන්න Client මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනා.
ඒ වගේ Client මෘදුකාංග කීපයක් තියනවා.. නමුත් මගේ අදහසනම් uTorrent කියන මෘදුකාංගය තමයි හොද. එක නිසා මම එකෙන් වැඩ කරන විදිහ කියලා දෙන්නම්... 
මුලින්ම uTorrent නැති අය මෙතනින් ගන්නකො..


අපිට අවශ්‍ය දෙයක් Search box එකේ ටයිප් කරලා හොයාගන්න පුළුවන්...එතකොට පහලින් එනවා Search Results ටික. ඒකෙන් අපි හොද ෆයිල් එකක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනා.. අපිට දකින්න පුළුවන් Seeds කියන කොටස.. හොද ටොරන්ට් ගොනුවක් කියලා තෝරගන්නනම් අනිවාර්යෙන්ම සීඩ්ස් 10,20 කටවත් වැඩි වෙන්න ඕනා... Seeders කියනෙන් මේ වනවිට එම ගොනුව භාගත කරගෙන තියන අය.. Peers කියන්නේ එම ගොනුව භාගත කිරීම ආරම්භ කල නමුත් තවමත් අවසාන නොකළ අය.. ඒ මගින් එම ටොරන්ට් ගොනුවේ ගුනාත්මකතාවය පිලිබඳ අදහසක් ලබාගන්න පුළුවන්.. තවත් එම ටොරන්ට් එක ගැන ඔබට දැනගැනීමට ප්‍රබල සාධකයක් තමයි Comments. ඒ මගිනුත් ඔබට එම ටොරන්ට් ගොනුව ගැන තොරතුරු ලබාගත හැකියි..



හරි එහෙනම් ටොරන්ට් ගොනු ලබාගැනීම ගැන දැන් දන්නවනේ.. දැන් අපි බලමු uTorrent වලින් ගන්න වැඩේ ගැන.. අපි භාගත කරගත්ත ටොරන්ට් ගොනුව දැන් අපිට පෙන්නන්නේ uTorrent ගොනුවක් විදිහට. ඒ අපි අවශ්‍ය Client මෘදුකාංගය ස්ථාපනය කරලා කියන නිසයි..




මෙන්න මේ වගේ තමයි uTorrent වල පෙනුම..



 දැන් අපි අපේ අවශ්‍ය ටොරන්ට් ගොනුව ඩබල් ක්ලික් කලාම එක uTorrent වලින් Open වෙනවා.

එතනින් අපිට පුළුවන් ඒ ටොරන්ට් ගොනුව ඇතුලේ අපිට අවශ්‍ය නැති දේවල් තියනවනම් එතන තියන Chechbox එකේ හරිය ඉවත් කරන්න.. එතකොට අපිට පුළුවන් අනවශ්‍ය දත්ත භාවිතයක් නැතුව අවශ්‍ය වැඩේ විතරක් කරගන්න.. 

ඔන්න ඉතින් ටොරන්ට් ගැන කියන්න පුළුවන් තරම් කෙටියෙන් කිව්වා.. ඔයාලට මොනවහරි ප්‍රශ්න තියනවනම් අහන්න කමෙන්ට් එකකින්..
එහෙනම් මම හිතනවා ඔයාලට ටොරන්ට් ගැන මූලික දැනුම ලැබෙන්න ඇති කියලා..





No comments:

Post a Comment

Android Apps Pc එකේම Run කරමු............

ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App ...